Faculty of Agriculture UOP
වර්ෂ 1942 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලය University of Ceylon නමින් ස්ථාපනය කරන ලදී. එහි මූලික අරමුණ වුයේ නිදහසින් පසු ශ්‍රී ලංකාවේ සංවර්ධනය උදෙසා අධ්‍යාපනයේ නියැලී සිටින තරුණ තරුණියන් හට අවශ්‍ය පුහුණුව ලබාදීමයි. විශ්ව විද්‍යාලය ආරම්භයෙන් වසර පහකට පසු කෘෂිකර්මය උදෙසා උපාධි පාඨමාලාවක් හඳුන්වා දෙන ලදී.
මූලික තීරණ අනුව කෘෂිකර්මය පීඨය ගන්නෝරුව් කෘෂිකර්මය දෙපාර්තමේන්තුව යටතේ පැවති කෘෂිකාර්මික විද්‍යාලය පරිශ්‍රයේ ඉදිකිරීමට තීරණය කෙරිණි. පසුව කෘෂිකර්ම විද්‍යාලය කුණ්ඩසාලේ ප්‍රදේශයට රැගෙන යන ලදී. කෙසේ වෙතත් පීඨය මුලින්ම ආරම්භ කරන ලද්දේ තනි ගොඩනැගිල්ලක සිව් දෙනෙකුගෙන් යුතු අධ්‍යන කාර්යමණ්ඩලයකිනි. පීඨයේ ආරම්භක ගොඩනැගිල්ල සඳහා කොළඹ නගර සැලැස්ම යටතේ කැනඩා රජය ආධාර සපයනු ලැබ ඇති අතර අධ්‍යාපන ආධාර සපයා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය විසිනි.
1947 අප්‍රේල් මස 5 දින එවකට සිටි අධ්‍යාපන ඇමතිවරයා විසිනි පේරාදෙණිය කෘෂිකර්ම හා පශුවෛද්‍ය පීඨය ස්ථානය කිරීම අනුමත කරන ලදී. ඒ අනුව එවකට පැවති GSQ විභාගය සමත් සිසුන් 16 දෙනෙකුගෙන් යුත් ශිෂ්‍ය කණ්ඩායමකින් පීඨය ආරම්භ කෙරිණි. ආරම්භයේදී වසර දෙකක අධ්‍යන කාලයකින් අනතුරුව කෘෂිකර්මය උදෙසා විද්‍යාවේදී උපාධිය ප්‍රධානය කරන ලදී.
1953 දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, නව ස්ථාපිත කෘෂිකර්ම හා පශුවෛද්‍ය පීඨය, සත්ත්ව පාලන හා පශුවෛද්‍ය දෙපාර්තමේන්තුව එක්ව පිහිටුවමින් උපාධි පාඨමාලාව තවදුරටත් ශක්තිමත් කරන ලදී. ඒ අනුව පාඨමාලාවේ කාලසීමාව අවුරුදු 3ක් දක්වා දීර්ඝ කරන ලද අතර එයට මහඉලුප්පල්ලම උප විශ්ව විද්‍යාලයේ පැවති අවුරුද්දක ප්‍රායෝගික පුහුණු පාඨමාලාවක්ද අයත්විය.
1973 දී පීඨය දෙපාර්තමේන්තු 6කින් යුත් ස්වාධීන පීඨයක් ලෙස පිහිටුවන ලදී. තවද වැවිලි කළමනාකරණය පිළිබඳ මාස 3ක ක්ෂෙත්ර පුහුණුවක් ඇතුළත් කරමින් විද්‍යාවේදී උපාධි පාඨමාලාව තවදුරටත් ශක්තිමත් කරන ලදී. 1975 දී පාඨමාලාව තවදුරටත් පුළුල් කරමින් ඕනෑම අධ්‍යන දෙපාර්තමේන්තුවක් යටතේ උසස් අධ්‍යාපන ලැබීමට විද්‍යාර්ථිනට අවකාශය සැලසීය. මෙම උසස් අධ්‍යන පුහුණු කාලය අතරතුරදී අධ්‍යන කාර්යමණ්ඩල සාමාජිකයකු යටතේ පර්යේෂණ ව්‍යාපෘතියක් හා ඒ යටතේ වාර්තාවක් ඉදිරිපත් කිරීම උපාධි පාඨමාලාවේ අත්‍යාවශ්‍ය අංගයක් බවට පත්කරන ලදී.
පසුකාලීනව දිවයිනේ විශ්ව විද්‍යාල රැසක නව කෘෂිකර්ම පීඨ සහ උපාධි පාඨමාලා හඳුනවා දෙන ලද අතර කෘෂිකාර්මික අධ්‍යාපන උසස් අධ්‍යාපන ක්ෂෙත්රයේ ප්‍රධාන ස්ථානයක් ගන්නා ලදී.
විශ්ව විද්‍යාල පද්ධතිය තුළ කෘෂිකර්මාන්තය පිළිබඳ උසස් අධ්‍යාපන ශක්තිමත් කිරීම උදෙසා පේරාදෙණිය කෘෂිකර්ම පීඨය ප්‍රධාන දායකත්වයක් දක්වන ලදී. කෘෂිකාර්මික ජීව විද්‍යාව, කෘෂිකාර්මික ඉංජිනේරු විද්‍යව, කෘෂිකාර්මික ආර්ථික විද්‍යාව හා ව්‍යාපාර කළමනාකරණය, කෘෂිකාර්මික ව්‍යාප්ති, සත්ත්ව විද්‍යාව, භෝග විද්‍යාව, ආහාර විද්‍යාව හා තාක්ෂණය හා පාංශු විද්‍යාව යන අධ්‍යන දෙපාර්තමේන්තු 8ක් යටතේ අංග සම්පූර්ණ පීඨයක් බවට පත්කරන ලදී. කෘෂිකාර්මික ක්ෂෙත්රයේ වෙනස්වන අවශ්‍යතාවන්ට හා ගෝලීය අධ්‍යන ක්ෂෙත්රයන්හි සිදුවන පරිවර්තනයන්ට සරිලන පරිදි කෘෂිකාර්මික උපාධි පාඨමාලාව කාලීනව සංශෝධනයන්ට ලක් කරන ලදී.
වර්ථමානය වනවිට කෘෂි තාක්ෂණය හා කළමනාකරණය, ආහාර විද්‍යාව හා තාක්ෂණය හා සත්ත්ව විද්‍යාව හා මත්ස්‍ය විද්‍යාව ලෙස සිව් අවුරුදු විශේෂ විද්‍යාවෙිදී උපාධි පාඨමාලාවන් ත්‍රිත්වයක් ප්‍රධානය කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය කෘෂිකර්ම පීඨය විද්‍යාර්ථීන් රැසකට වෘත්තීය හා අධ්‍යාපනික දැනුම ලබාදෙන අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇත.
කෘෂිකර්ම පීඨය මානව සම්පත් අතින් ඉහළ ස්ථානයක පසුවන පීඨයකි. එය 132ක ස්ථිර අධ්‍යන කාර්යමණ්ඩලයකින් යුක්ත වන අතර ඉන් 85% ප්‍රමාණයක් ලොව පිළිගත් විශ්ව විද්‍යාලවල ආචාර්ය උපාධිධාරීන් වේ තවද ඉන් 50% ප්‍රමාණයක් මහාචාර්යවරුන් වෙති.
සියලුම කෘෂිකාර්මික හා ඒ ආශ්රිත පර්යේෂණ සඳහා මාවෙල හා මීවතුර පශු සම්පත් ගොවිපළවල්, දොඩංගොල්ල විශ්ව විද්‍යාල පර්යේෂණ ස්ථානය සහ මහඉලුප්පල්ලම උප විශ්ව විද්‍යාලය යන අධ්‍යන ඒකක පිහිටා ඇති අතර මෙම අධ්‍යන ඒකක මඟින් දිවයිනේ සියලුම දේශගුණික කලාප ආවරණය කරනු ලබයි. මෙම අධ්‍යන ඒකක මඟින් පීඨයේ ඉගෙනුම ලබන විද්‍යාර්ථිනට මනා ප්‍රායෝගික පුහුණුවක් ලබාදෙයි. මීට අමතරව අධ්‍යන අවශ්‍යතාවන්ට උපකාර වීම සඳහා කෘෂි ව්‍යාපාර මධ්‍යස්ථාන, කෘෂිජෛව තාක්ෂණ මධ්‍යස්ථාන හා කෘෂි අධ්‍යාපන ඒකකය යන අධ්‍යන ඒකක පීඨය මඟින් ස්ථානය කර ඇත.
වර්ෂ 1975 දී කෘෂිකර්ම පශ්චාත් උපාධි අධ්‍යන ආයතනය පිහිටුවන ලදී. මෙම අද්විතීය ආයතනය නිර්මාණය කිරීමේ මූලික පරමාර්ථය වූයේ පශ්චාත් උපාධි අධ්‍යාපනය සඳහා රට තුළ ධාරිතාවය වර්ධනය කිරීම සහ වේගයෙන් ව්‍යාප්ත වන පේරාදෙණිය කෘෂිකාර්මික අංශයට නිසි පුහුණුව ලත් පිරිසක් සැපයිමයි. මේවන විට පශ්චාත් උපාධි අධ්‍යන ආයතන විසින් Ph.D, BDA, M.Phil හා M.Sc උපාධි ප්‍රධානය කරනු ලබයි.
පේරාදෙණිය කෘෂිකර්ම පීඨය දිවයිනේ කීර්තිමත් පීඨයක් බවට මේවන විට පත්ව ඇත. විද්‍යාර්ථීන් රැසකට වෘත්තීය හා අධ්‍යාපන දැනුම ලබාදෙන කේන්ද්‍රස්ථානයක් බවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයිය කෘෂිකර්ම පීඨය පත්ව ඇත.
සටහන - ප්‍රසාදිකා සංජීවනී
Prasadika Sanjeewani
0 Comments