AYIMUN 2019 සමුළුවට අපෙනුත් සාඩම්බර නියෝජනයක්!

 




 AYIMUN 2019 සමුළුවට අපෙනුත් සාඩම්බර නියෝජනයක්! 

ආදර්ශ එක්සත් ජාතීන්ගේ සංවිධානය (MUN) යනු එක්සත් ජාතීන්ගේ ශාස්ත්‍රීය අනුකරණයක් වන අතර වාර්ෂිකව පවත්නා  AYIMUN සමුළුවට විවිධ රටවල් නියෝජනය කරමින් සිසු පිරිස් සහභාගි වීමට අවස්ථාව හිමි වේ. මෙම නියෝජිතයින් විසින්, තම රටේ ප්‍රතිපත්ති සහ ඉදිරි දර්ශන සමඟ සැබෑ ගෝලීය ගැටලු විසඳීමට උත්සාහ කිරීම අපේක්ෂා කරනු ඇත. මෙය සැබවින්ම එක්සත් ජාතීන්ගේ (learning by doing) ක්‍රමවේදය ලෙස සැලකිය හැකිය.

FAO, WHO, UNDP, UNICEF සහ තවත් බොහෝ කවුන්සිල 17 කින් සමන්විත වන ආසියානු යෞවන ජාත්‍යන්තර ආදර්ශ එක්සත් ජාතීන්ගේ සංවිධානය (AYIMUN), තරුණ තරුණියන්ට රාජ්‍ය තාන්ත්‍රිකභාවය, විවේචනාත්මක චින්තනය, නායකත්වය සහ ‍එක්සත් ජාතීන්ගේ සමුළුවක ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් මනා වූ අවබෝධයක් ලබා දීම අරමුණු කර ගෙන ඇත. තවද, මෙය ඔවුන්ගේ කුසලතා සහ දැනුම වැඩි දියුණු කිරීම සඳහා අන්තර්ජාතික මට්ටමින් ඇති මහඟු තෝතැන්නකි.

“ගෝලීයකරණය වූ ලෝකයේ මානව ආරක්ෂණ යාන්ත්‍රණය‍”   යන ප්‍රධාන තේමා  පාඨය රැගත් මෙවර AYIMUN 2019 සමුළුුව, අගෝස්තු 25 සිට 28 යන දිනයන්හි මැලේසියාවේ පුට්රාජය හි පිහිටි පට්රාජ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි  අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙවර මෙම සමුළුවට නියෝජිතයෙක් වශයෙන් සහභාගි වීමට, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ තෙවන වසරේ උපාධි අපේක්ෂකයකු වන භාතිය රණසිංහ ශිෂ්‍යයා වරම් ලැබු බව අප දන්වා සිටින්නේ මහත් වු ආඩම්බරයකිනි. රටක ජිවානාලිය වන තරුණ තරුණියන්, අනාගත නායකයින් වශයෙන් අන්තර්ජාතික තලය කරා පිවිසීමට මන්පෙත් විවර වන මෙවැනි ජාත්‍යන්තර සමුළුවක් නියෝජනය කිරීමට භාග්‍යය ලද ඔබට, කෘෂිකර්ම පිඨ සහෝදරත්වය වෙනුවෙන් අපගේ හෘදයාංගම සුභාශිංසන මෙසේ එක් කරමු.

සටහන

හසිනි දිලිනිකා

Hasini Dilinika

A Young Soul among Us to Be a Part of AYIMUN 2019

Model United Nations (MUN) is an academic simulation of United Nations in which the participants are provided with an opportunity to play the role of delegates representing various countries. Here, it is expected for the delegates to attempt in solving real global issues along with the policies and perspectives of the country they are assigned to. This can actually be considered a ‘learning by doing’ method of studying the United Nations.

Asia Youth International Model United Nations (AYIMUN) consisting seventeen councils such as FAO, WHO, UNDP, UNICEF and many more, is aimed at providing an arena for the youth to learn about diplomacy, critical thinking, public speaking and most importantly, the procedure of a UN conference. Furthermore, this is undoubtedly, the best platform to improve their soft skills, networking and knowledge.

This year AYIMUN was held with grandeur from 25th to 28th of August at Putrajaya International Convention Centre (PICC), Putrajaya, Malaysia under the main topic, “Human Security Agenda in the Globalized World”.

As students of Faculty of Agriculture, University of Peradeniya, we are privileged and pleased to declare that one of our students, Bhathiya Ranasinghe who is reading his undergraduate degree in the third year has made way to AYIMUN this time as a delegate. As the youth and future leaders of the world, it is better to make use of such opportunities where you are exposed to the world. Dear brother, your attempt is greatly appreciated!

According to the prevailing education system of Sri Lanka, it is a fact that we all know as students, how difficult it is to manage the academic curriculum along with extra-curricular activities in an environment where managing of these two is also mandatory to build up a personality that will be able to thrive in the corporate world within a few years ahead. We are so proud of you, brother and would like to be thankful at the same time for setting a great example for the followers. Congratulations and welcome our warm wishes for your future endeavors!!!!

Article by Sachini Dilukshi

4

Post a Comment

0 Comments