තක්කාලි
තක්කාලි යනු අපේ රටේ උඩරට තෙත් කලාපයේ හැර අනෙක් සියලුම කලාපවල වැවෙන ජනප්‍රිය එළවළුවකි.පෝෂණ ගුණය අතින් එය විටමින් A ,C සහ ඛනිජ අඩංගු වේ.තක්කාලි සදහා නිර්දේශිත ප්‍රභේද ලෙස K.W.R.(T.62), T 245,රවි ආදී ලෙස වර්ග කීපයක් ඇත.තක්කාලි වගාවක් පවත්වා ගැනීමට බීජ අවශ්‍යතාවය හෙක්ටයාරයකට 200g-250g වේ.පැල 2ක් අතර පරතරය 80×50cm පවත්වා ගත යුතුයි.
තක්කාලි ක්ෂේත්රයේ සිටුවීමට පෙර තවාන් සැකසිය යුතුයි.තවාන් සැකසීමේදී පළල 1m , දිග 3m සහ පාත්ති උස 15-20cm වීම වඩාත් සුදුසු වේ.පාත්ති සකසන මතුපිට පස් හා කොම්පෝස්ට් සම ප්‍රමාණ මිශ්‍ර කර යෙදීම සුදුසු වේ.බීජ තවාන් දැමීමට පෙර රසායනික ද්‍රව්‍ය යෙදීම හෝ පිලිස්සීම මගින් පස ජීවානුහරණය කල හැක.බීජ තවාන් දැමීමේදී තවානේ පේළි අතර පරතරය 12-15cm වන ලෙස දැමීම කර හැක.අධික වැස්සෙන් හා හිරුඑළියෙන් ආරක්ෂා කර ගැනීමට තවාන ආවරණය කල යුතුයි.දින 14-18කට පමන පසු පැල ගලවා මනා ලෙස පාත්ති සකස් කර ක්ෂේත්රයේ සිටුවා ගත හැක.පැල ගැලවීමට දිනකට පෙර තවාන හොදින් තෙත් කල යුතුයි.සවස් කාලයේදී පැල සිටුවීම සිදුකල හැක.
කාබනික පොහොර සහ මූලික පොහොර පසට මිශ්‍ර කිරීම තුලින් සාර්ථක වගාවක් පවත්වා ගත හැකියි.මනා ලෙස ජල සම්පාදනය කල යුතුයි.අධික ලෙස ජලය යෙදීම නොකල යුතුයි .ඒ මන්දයත් වියලි කාලයේදී එමනිසා ගෙඩි පිපිරීමට ලක්විය හැක.එපමණක් නොව වල්පැළෑටි පාලනය මගින් නිරෝගී වගාවක් පවත්වා ගත හැක.පොහොර යෙදීමට පෙර අනිවාර්යයෙන් වල් පැලෑටි ඉවත්කල යුතුය.තක්කාලි වගාවේදී මල් පිපීම ආරම්භ වීමට පෙර ගස් ඇදවැටීම වැලක්වීම සදහා ආධාරක සිටුවිය යුතුයි.
තක්කාලි වගාවේදී කෘමි පාලනය සදහා විවිධ ක්‍රියාමාර්ග ගතහැක.තක්කාලි ගෙඩි විදින පණුවා,සිතියම් පණුවා,කූඩිත්තා,පත්‍ර කීඩෑවන්,සුදු මැස්සා සහ පැළ මැක්කා නිදසුන් වේ.නිසි කෘමිනාශක යෙදීම තුලින් එම හානිය මගහැරිය හැක.තක්කාලි රෝග විවිධ ආකාර ඇති අතර ඇන්ත්රැක්ස් රෝගය,පිටිපුස් රෝගය ,අංගමාරය සමහර නිදසුන් වේ.රෝග පාලන ක්‍රම අනුගමනය කිරීම තුලින් සාර්ථක වගාවක හිමිකම් දැරිය හැක.වයිරස් රෝග පාලනයට කොහොඹ ජලීය නිස්සාරකය සුදුසු වේ.සාමාන්‍යයෙන් වයිරස් රෝග සදහා නිසි පිලියම නොමැති නිසා වගාව ආරම්භයේ සිටම රෝග පාලනය කල යුතුයි.අස්වනු නෙලීම සිදුකල යුත්තේ ගෙඩි කොල පැහැයේ සිට කහ පැහැයට හැරෙන අවස්තාවේදීය.සාමාන්‍යයෙන් හොදින් නඩත්තු කරන ලද වගාවකින් හෙක්ටයාරයකට ටොන් 20-30ක් පමන ලබාගත හැක .නෙලාගන්නා ලද අස්වනු මනා ලෙස වාතාශ්‍රය ලැබෙන ලෙස ලී පෙට්ටිවල අසුරා වෙළඳපලට යැවිය හැක.
සැකසුම: අයේෂා ඉෂානි
මූලාශ්‍ර : එළවළු වගාව ,කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (2018)
Design by - Hasini Kularathne
0 Comments