*Youth Ag Summit 2019 සමුළුවට මෙවර අපෙනුත් වටිනා නියෝජනයක්*...




*Youth Ag Summit 2019 සමුළුවට මෙවර අපෙනුත් වටිනා නියෝජනයක්*...

යෞවන කෘෂිකාර්මික සමුළුව (youth Ag Summit) යනු අනාගත පරම්පරාවේ කෘෂිකාර්මික වෙනස්කම් ඇති කරන තරුණ නායකයින් සවිබල ගැන්වීමේ සුවිශේෂී අවස්ථාවක් වේ. සෑම වසර දෙකකට වරක්,රටවල් 45 ක, අවුරුදු 18 ත් 25 ත් අතර තෝරාගත් තරුණ නියෝජිතයින් සියයක් පමණ වාර්ෂිකව  සහභාගි වන මෙම සමුළුවේ ප්‍රධාන අරමුණ වන්නේ තිරසාර කෘෂිකර්මාන්තය, තරුණ අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, ආහාර සුරක්‍ෂිතතාව, ජෛව තාක්‍ෂණය සහ ගොවිතැන ඇතුළු විවිධ පසුබිම් හා  කුසගින්නෙන් තොර ලෝකයක් කරා ප්‍රගතියක්‌ ලබා දීමට කැපවීමයි.  එපමණක් නොව, මෙහිදි මෙම නියෝජිතයින්ට, විවාද කුසලතා පුහුණුව සහ ව්‍යාපෘති සංවර්ධනය යන දක්ෂතාවන්ද ඔප්නංවා ගැනිමට අවස්ථාව හිමි වීමද සුවිශේෂි කරුණක් වේ.

මෙවරද , සිව් වන වරටත් සංවිධානය කෙරුණු යෞවන කෘෂිකාර්මික 2019 සමුළුව (Youth Ag Summit 2019) පසුගිය නොවැම්බර් 4 ,5, 6 යන තෙදින පුරා බ්‍රසීලයේ බ්‍රසීලියා හීදි ,අති සාර්ථක අන්දමින් පවැත්විණි. මෙහිදි ශ්‍රි ලංකාව නියෝජනය කරමින් ඒ සඳහා  සහභාගි වීමට පේරදෙණිය විශ්ව විද්‍යලයේ ,කෘෂිකර්ම පීඨයේ , ආහාර විද්‍යාව හා තාක්ෂණය දෙවන වසර උපාධි අපේක්ෂකයෙකු වන එස්. ලක්ශාන් වික්‍රමආරච්චි ශිෂ්‍යයා ද වරම් ලැබූ බව අප දන්වා සිටින්නේ නිහතමානි ආඩම්බරයකිනි.

අනාගත නායකයින් ලෙස ලොව දකින්නට වෙරදරන වත්මත් තරුණ පරපුර හට අන්තර්ජාතික මට්ටමට පිවිසීමට මංපෙත් විවර වන්නාවූ මෙවැනි වටිනා අවස්ථාවක, හිමිකරුවෙකු වීමට වරම් ලද ඔබට ,කෘෂිකර්ම පීඨ සහෝදරත්වය වෙනුවෙන් , හෘදයාංගම සුභාශිංසන අප මෙලෙසින් එක්කරන්නෙමු.

සටහන:

හසිනි දිලිනිකා

Hasini Dilinika

*Youth leaders keep a step ahead*

The "Youth Ag Summit" is one of the greatest platforms which connect and empower the future generation of agricultural change makers. The major objective of this summit is to drive the young generation towards a world free of poverty, focussing on a sustainable agriculture, youth education, gender equality and security, biotechnology and farming. Every two years, young global leaders between the age of 18-25 are brought together in the scope of networking, debate skills, training and project development and moreover to equip them with sustainable development goals.

The Youth Ag Summit is successfully organized for the fourth consecutive time in Brazilia, brazil on the 4th,5th and 6th of November 2019, with the participation of 100 young global leaders hailing from 45 countries all over the world.

It's a great prestige to address that, S. Lakshan Wickramaarachchi, a second year undergraduate of Department of Food Science and Technology, Faculty of Agriculture, University of Peradeniya has got the opportunity as the Sri Lankan representative of the Youth Ag Summit - 2019.

Heartfelt congratulations on your well deserved success in being a part of this rare opportunity where a scope of possibilities are opened up for the young leaders on an International level, to make a change. On behalf of the Faculty of Agriculture, we wish you good luck and we look forward to watching you cross your next finish line!

Malindya Jayasekara


Post a Comment

0 Comments